හමා එනු, හමා එනු, තගේ ශීත සෘතු පවන
තා එතරම් නොවහි අකාරුණික
මිනිස් අකෘතඥකම තරමට
තගේ දසන් සවිමත් නොවේ එතරම්.
ඔබගේ හුස්ම කටුක වුවත්,
තා නොපෙනෙන බැවින්.
අහෝ! ගයනු අහෝ! හරිත කටු පඳුරු බිම් වෙත
බොහෝ මිතුදම් ව්‍යාජයි නම්,
බොහෝ ආලය මඳක් උමතුය
අහෝ.. එහෙනම් කටු පඳුරු
මේ දිවිය හරි ප්‍රියකරුය
තා අසුන්දර අහස සීතලෙන් මුදවනු, මුදවනු
ළඟට ලං වී නො සපයි
වාසි දෑ අත්හළ නිසා
නුඹ වතුර මෙන් වූවත්
නුඹේ වේදනවාව එතරම් දරුණු නැත
මිතුරෙකු මෙන් සිහිකරනු නැති නිසා.
අහෝ! ගයනු අහෝ! හරිත කටු පඳුරු බිම් වෙත
බොහෝ මිතුදම් ව්‍යාජයි නම්,
බොහෝ ආලය මඳක් උමතුය
අහෝ.. එහෙනම් කටු පඳුරු
මේ දිවිය හරි ප්‍රියකරුය
Translation by Udaya R. Tennakoon