ගැහැණු ළමයෙක්- A Girl By Ezra Pound Poem by Udaya R. Tennakoon

ගැහැණු ළමයෙක්- A Girl By Ezra Pound

ගස මගේ දෑතට ඇතුලු වී

සාරය මගේ බාහු කරාවිත්

ගස මගේ ළය තුල වැඩිණි

පහළට

බාහු මෙන්

අතු ඉති

මගෙන් වෙන් වී

වැඩෙති

ගස ඔබය

පෙඳ ඔබය

ඊට ඉහලින් සුළඟ හා මුසු

ජම්බූල පැහැය ඔබය

ඔබ දරුවෙකි

බොහෝ සේ උත්තුංග

මේ සැම අනුවන දෙයකි ලෝකයට



පරිවර්තනය: උදය ආර්. තෙන්නකෝන්

This is a translation of the poem A Girl by Ezra Pound
Sunday, March 6, 2016
Topic(s) of this poem: girl
COMMENTS OF THE POEM
Udaya R. Tennakoon

Udaya R. Tennakoon

Sri Lanka
Close
Error Success